කොළඹ බල්ලන් අනුරාධපුරයට යවයි

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් කොළඹ අලංකරණය කිරීමේ වැඩ සටහනට සමගාමීව කොළඹ නගරයේ නිදැල්සිටියදී අල්ලාගත් සුනඛයින් 219 දෙනෙකු අනුරාධපුරයට රැගෙන ගොස් නිදහස් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. 

එම සුනඛයන්ගෙන් 138 දෙනෙක් බොරැල්ල මැගසින් පාරේ පිහිටි සුනඛ ඝාතකාගාරයේ රදවා ඇති අතර සෙසු සුනඛයින් 81 දෙනා දෙමටගොඩ පිහිටි මස් මඩුවේ රදවා ඇත. 

එම සුනඛයන්ව ඔවුන් සිටි ස්ථානවලට රැගෙන ගොස් නිදහස් කරන්නැයි බලකරමින් දෙමටගොඩ මස්මඩුව අසලට 22 වෙනිදා රැස්වූ සත්ත්ව අවිහිංසා සංවිධාන කිහිපයකම සාමාජිකාවන් පැය 03 ක් පුරාවට විරෝධතාවක් ද දක්වා තිබිණි. 

ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ බිරිද අයිරාංගනී ද සිල්වා මහත්මිය ඊට නායකත්වය දී තිබීම විශේෂිතය. සත්ත්ව මිත‍්‍ර සංවිධානය, සත්ත්ව සුභ සාධන කාර්යාංශය, සත්ත්ව ආරක්‍ෂණ සංවිධානය යන සංවිධාන එම උද්ඝෝෂණයට සම්බන්ධ වී සිට ඇති අතර ඔවුන්ගේ එකම හඩ වී ඇත්තේ සිරකරගෙන සිටින සියළුම සුනඛයන් නිදහස්කරන ලෙසය. 

නිදහස් කළ යුත්ත්තේද ඔවුන් අල්ලාගත් ස්ථානවලට මිස අළුත් පරිසරයකට නොවන බවද එහිදී ඔවුහු අවධාරණය කර තිබේ. පරිසරය තුළණය කිරීම කළ යුත්තේ ස්වාභාව ධර්මයෙන් මිස මේ ආකාරයට සතුන් අල්ලාගෙන ගොස් කැළෑවකට අතහැරීම නොවන බවද උද්ඝෝෂකයන් පවසා ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment