රංජන් අර්ජුනගේ ඔළුව පැළෙන්න පොල් ගෝනියකින් ගහලාලු

පසුගිය දවසක කවුදො කෙනෙක් අර්ජුන කමලනාත්ගේ ඔළුව පැළෙන්න පොල් ගෝනියකින් ගහලා කියලා අපිට ආරංචි වුණා. ඇඟපත තියෙන අර්ජුනට ඒ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් ඒ වගේම ඇඟපත තියෙන කෙනෙක්ටනේ. ප්‍රහාරකයා තමයි රංජන් රාමනායක. 

කොහොමහරි ප්‍රහාරයේ තරම කොච්චරද කියනවා නම් අර්ජුනගේ නළල පැළිලා මැහුම් දාන්නත් සිද්ධ වුණා. ෂූටින් දවස් තුනකට කැන්සල් වුණා. හැමෝම හිතුවේ රංජන් මේ වැඩේ කළේ හිතාමතාමයි කියලා. අර්ජුනටත් ඒ ගැන කියල නිතර දුරකතන ඇමැතුම් ලැබිලා තිබුණා.

"රජ හොරු" චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර තමයි මේ පොල් ප්‍රහාරය සිද්ධවුණේ. කොහොම වුණත් රංජන්නේ දන්නේ වුණේ මොකක්ද කියලා. තමන්ගේ නිර්දෝෂී බව පෙන්වන්න රංජන් ඒ සීන් එක ආයෙත් ස්ලෝමෝෂන් බලන්න සැලැස්සුවා. ඇත්තටම වෙලා තිබුණේ මේකයි.


රජ හොරු ෆිල්ම් එකේ අර්ජුනට රංජන් පොල් ගෝනියකින් ගහන සීන් එකක් තිබිලා තියෙනවා. මේ සීන් එක ෂූට් කරද්දි ප්‍රහාරය වළක්වන්න කියලා අර්ජුන අතට ගත්ත ලෑල්ලේ තිබුණ ඇණයක් නළලේ වැදිලා තමයි මේ අනතුර සිද්ධ වුණේ.

ස්ලෝමෝෂන්වලට පින් සිද්ධ වෙන්න රංජන් ඔළුව බේරගත්තත් අර්ජුනට නම් ඔළුව බේරගන්න බැරි වුණා. ඔළු පලාගත්තට මේ දෙන්නම දැන් හොඳ යාළුවෝලු.

IFTTT

via Personal Recipe 6135997

Post a Comment