බස්නාහිර පළාත හා දකුණු පළාත ඉදිරි පළාත් සභා මැතිවරණයේදි ජයග්‍රහණය කර පෙන්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව වරාය හා ව්‍යාපෘති භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ (29) කළුතර පැවති උත්සවයකට එක් වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,සජිත් ප්‍රේමදාස,රනිල් වික්‍රමසිංහ,තිස්ස අත්තනායක,කරු ජයසූරිය වේවා සියළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ටම මෙම අභියෝගය එල්ල කරන බවයි. බස්නාහිර පළාත හා දකුණු පළාත අනිවාර්යෙන්ම ආණ්ඩුව ජයග්‍රහණය කරන බවට තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවත්,කැසිනෝ ගැන කියමින් ,රට සංවර්ධනය වෙන්නේ නැති බව ප්‍රකාශ කරමින් කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයට මේ අභියෝගය භාර ගෙන කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියා.
Post a Comment