තරුණයා ගහේ එල්ලී මැරිලා



හලාවත, මහදූවවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

අදාළ තරුණයා ගසක අත්තක ගැට ගැසු රෙදි පටියක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ 22 හැවිරිදි මහදූවවත්ත ජයබිම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


අදාළ තරුණයා සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හලාවත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment