සියලු සුරාසැල් වැසේ


හෙට සහ අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලූම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසුවේ මෙම නීතිය උල්ලංඝණනය කරන අළෙවිසැල් හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.


මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.


එම මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසුවේ ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කරන බවයි.


මේ අතර ගිනිකෙළි අළෙවි කිරීමේදී අදාළ නෛතික ක්‍රියාවලියට අනුව ක්‍රියාකළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.


ඔහු පවසන්නේ අදාළ නීති උල්ලංඝණනය කරමින් ගිනිකෙළි භාණ්ඩ අළෙවි කිරීමද තහනම් බවයි.



Post a Comment