අස්ගිරි නාහිමි අපවත්වීම ශාසනයට මෙන්ම රටටද දැරිය නොහැකි පාඩුවක්

අපවත් වී වදාළ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

උන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ පස්වරුවේ පැමිණියේය.

එහිදී අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් පැවසුවේ, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිගේ අපවත් වීම ශාසනයට මෙන්ම රටටද දැරිය නොහැකි පාඩුවක් බවයි.

මේ අතර මේ වන විටත් උඩුගම ශ්‍රී බුද්ධරකඛිත නාහිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද දිනයේත් විශාල පිරිසක් පැමිණෙනු ඇති බව අප වාර්තාකරු කියයි.

Post a Comment