ගැටුම් නිසා පීඩාවට පත්වූ ලාංකිකයින් සියලුදෙනා ගෙන්වාගත්තා


යේමනයේ ගැටුම් හේතුවෙන් අතරමංව සිටි සියලූම ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණ තිබේ.


මෙම ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 45 දෙනෙකු පමණ එරට අතරමංව සිටි අතර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගනු ලැබුවේය.


ඒ අනුව චීන රජයේ ආධාර ඇතුව මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවු බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.


අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් 29 දෙනෙකු පසුගිය 8 වනදා දිවයිනට පැමිණි අතර තවත් 16 දෙනෙකු ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියහ.


මෙම පිරිස යේමනයේ සානා නගරයේ සිට කලෝමිටර් 222ක් නොදෙයිදා වරාය නගරයට පැමිණ එතැන් සිට චීන නාවික හමුදාවට අයත් යුධ නැවකින් ජිබුති වරායට පැමිණ තිබුණි.


ඉන් අනතුරුව මොවුන් දෝහා කටාර් හරහා දිවයිනට පැමිණි බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.


මෙලෙස දිවයිනට පැමිණි පුද්ගලයින් අතර කාන්තාවන් කිහිපදෙනෙකු සහ කුඩා දරුවෙකුද වේ.


යේමනය තුළ තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැදී සිටින අතර ඔවුන් යේමනයේ වෙනත් ප්‍රදේශ වල සුරක්ෂිතව රැඳිසිටින බව විදේශ අමාත්‍යංශ සඳහන් කළේය.



Post a Comment