කොටකෙතන පුතා රිමාන්ඩ්


කහවත්ත, කොටකෙතන 39 හැවිරිදි කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ දෙවැනි පුත්‍රයා මේ මස 27 දක්වා රිමාන්ඩ් කර තිබේ.


සැකකාර පුත්‍රයා පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත.


පසුගිය 4දා රාත්‍රී අදාළ කාන්තාව ඝාතනයට ලක්ව තිබූ අතර ඇයගේ සිරුර කොටකෙතන ඇළේ තිබී සොයාගන්නා ලදී.


මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුත්‍රයා පාපොච්චාරණයක් කර ඇති අතර සිය පෙම්වතියට අවුරුද්දට ඇඳුම් මිලදී ගැනීම සඳහා මවගෙන් මුදල් ඉල්ලා සිටියදී නොදීම නිසා ඇති වූ ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට මුල්වූ බව හෙතෙම පවසා ඇත.



Post a Comment