මහින්දට බුලත් කොළෙන් පුළුවන්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වීමට හැකියාව පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ටී බී ඒකනායක යන මහත්වරුන් පසුගියදා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්ය.


එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයකට ඉදිරිපත් වීමට අවස්ථාව පවතින්නේ ද යන්න පිළිබඳවයි.


කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට ඉදිරි මහ මැතිවරණයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.


අදාළ සාකච්ඡාව පිළිබඳව අද දෙරණ ටී. බී ඒකනායක මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අතර එහිදී ඔහු පවසා සිටියේ අදාළ සාකච්ඡා පිළිබඳ ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දැක්වූ බවය.



Post a Comment