විධායක බලතල සම්පූර්ණයෙන් අහෝසි කරනවා - එජාපයට අකෘතඥ වෙන්නේ නෑ


විධායක බලතල සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ව්‍යාවස්ථා සංශෝධනය ද මේ වන විට අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇති බව ජනාධිපතිවරයා පැවසුවේය.


ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නීති සම්පාදකයින්, ව්‍යවස්ථා සම්පාදකයින් අතර කතාබහක් මතුව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එය ඉතා හොඳ කාරණයක් බව අවධාරණය කළේය.


අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කර තිබේ.


ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාවට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට සති දෙකක කාලයක් ලබාදෙන බව ද ජනාධිපතිවරයා පවසා ඇති බව සඳහන්ය.


තමන් පසුගිය දිනවල සිදුකළ විදෙස් සංචාරවලදී ජාත්‍යන්තරයේ මෙරටට එල්ල වී ඇති අභියෝගයන් පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ලබාගත් බව ද ජනාධිපතිවරයා පවසා ඇත.


විශේෂයෙන් එම අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කිරීම වඩා වැදගත් බව ජනාධිපතිවරයා පවසා තිබේ.


තමන් සිදුකළ එංගලන්ත සංචාරයේ දී අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සමග සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථක බව පෙන්වාදුන් ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය ජයග්‍රහණය කිරීම මුළු මහත් යුරෝපයම ජයග්‍රහණය කිරීමක් බව එහිදී පෙන්වා දී ඇත.


මේ අතර ඉදිරි මැතිවරණයක දී තමන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙක වෙනුවෙන්ම පෙනී සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට අකෘතඥ නොවන බව ද සඳහන් කළේය.



Post a Comment