කොටුවේ විරෝධයෙන් දැඩි රථවාහන තදබදයක්


කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධාන විසින් පවත්වනු ලබන විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, කොටුව ආශ්‍රිතව මේවන විට රථ වාහන තදබදයක් හටගෙන තිබේ.


අද පස්වරුවේ ආරම්භ කළ මෙම විරෝධතාව නිසා කොටුව, යෝර්ක් වීදිය ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව අප වාර්තාකරු කියයි.


චීනය විසින් සිදුකරන කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නතර කරන ලෙසට බලකරමින් මෙම විරෝධතාව පැවැත්වෙයි.


එම ව්‍යාපෘතිය නිසා පරිසරයට හානි සිදුවන බව පරිසර සංවිධානවල අදහසයි.



Post a Comment