බසයක් ගසක හැපී 20ට තුවාලයි


බණ්ඩාරවෙල - පල්ලෙවෙල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබේ.


පල්ලෙවෙල සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වු බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවත පැන අසල වු ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.


අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇත.


තුවාල ලැබූවන් අතර ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.


අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment