ෆයිසර් මුස්තාෆා ධූරයෙන් ඉල්ලා අස්වෙයි?

මීට සුළු මොහොතකට පෙර ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී විදේශ ගතවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යාංශය වලට අයත් විෂය පතය ගැසට් කිරිමේදී තමාගේ අමාත්‍යාංශයට අයත් විෂය පතයෙන් කොටසක් අරජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට එකතු කර ගැසට් කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.


එසේම තම අමාත්‍යාංශයට අයත් විෂය පතය ගැසට් කිරිමේදී මත්තල ගුවන් තොටුපොළ පමණක් ඇතුළත් කර ඇති බවත්, මේ හේතුවෙන් ඔහු සිත්තැවුලට පත්වී සිටි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.


කෙසේ වෙතත් අද පෙරවරුවේ අද දෙරණ කළ විමසීමකදී ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කර සිටියේ නීතීඥවරයෙකු ලෙස පූර්ණකාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බැවින් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අදහස් කර සිටින බවයි.



Post a Comment