නව අගවිනිසුරු පත්වීම ගැන ටි.එන්.ඒ ප්‍රසාදය

නව අගවිනිසුරුවරයාගේ පත්වීම තුළින් වත්මන් රජය රටේ සියලු ජාතීන්ට සමානාත්මතාවයෙන් යුතුව සලකන බවට ඉඟි පලවී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 44 වන අගවිනිසුරුවරයා වශයෙන් කේ.ශ්‍රී පවන් මහතා පත්කිරීම පිළිබඳ තමන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය ද දැඩි සතුට පල කරන බවයි.


නව අගවිනිසුරුවරයා පත්වීම තුළින් රටේ නීතිය හා සාධාරණත්වය පිළිබිඹු වන බව සි.වි.විග්නේෂ්වරන් මහතා ඊයේ ප්‍රකාශ කර තිබේ.


මෙම තත්ත්වය, නව රජය ජාතීන් අතර සුහදතාව ආරක්ෂා කිරීමට යම් කැප කිරීමක් සිදුකරන බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමක් වශයෙන් පෙනෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වාදෙයි.



Post a Comment