මහින්දගේ නාමල්ගේ රුව සහිත තවත් ඔරලෝසු තොගයක් සොයාගැනේ

වීරකැටිය, උතුරු බුද්දියාගම ප්‍රදේශයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපතිවරයාගේ නිවසේ තිබී බිත්ති ඔරලෝසු 2500ක් වීරකැටිය පොලිසිය සිය බාරයට ගත්තේය.

අද පෙරවරුවේ සිදුකළ මෙම මෙහෙයුම ලැබුණ තොරතුරකට අනුව සිදුකළ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසිය.


නමුත් ඔරලෝසු තොගය ළඟ තබාගෙන සිටි අදාළ එම සභාපතිවරයා පොලිසියට පවසා ඇත්තේ මෙම ඔරලෝසු තොගය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කාර්යාලය මගින් ඉදිරි මහමැතිවරණය සඳහා ක්‍රියාකාරී පාක්ෂිකයින්ට ප්‍රදානය කිරීම සඳහා ලබාදුන් ඒවා බවයි.


ඒවා සුදුසු පුද්ගලයින් තෝරාගෙන ලබාදෙන තෙක් තමා සන්තකයේ තබාගෙන සිටි බව තරුණ සංවිධානයේ සභාපතිවරයා පොලිසියට පවසා ඇත.


කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධරියෙකු ප්‍රකාශ කළේ මෙම ඔරලෝසු සඳහා රජයේ මුදල් උපයෝගී කරගෙන තිබේදැයි සොයා බලා එසේනම් එයට විරුද්ධව නීතිමය කටයුතු සිදුකරන බවයි.


සපුගස්කන්ද ප්‍රදේශයෙන්ද මෙවැනිම ඔරලෝසූ 68,000ක් ඊයේ සොයා ගැනිණ.



Post a Comment