සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවේ

19 හැවිරිදි ළ‍මයෙකුට හෙල්මටයකින් පහරදුන් බව කියන බිබිල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී බුද්ධික සෙනෙවිරත්න සන්ධාන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ දේශපාලන මතවාදයක් මත මෙම පහරදීම සිදුව ඇතිදැයි පරීක්ෂණ පවත්වන බවයි.


දැල්වූ රතිඤ්ඤා කරලක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ගෙවත්තට වැටීම සිද්ධියට ආසන්න හේතුවදැයි නිශ්චිතව කිව නොහැකි බව පොලීසිය කියයි.


පසුගිය 9 වැනිදා මෙම පහරදීම සිදුව ඇති අතර හෙල්මටයෙන් පහර කෑ ළමයා රෝහල්ගතව සිටියි.


අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා හෙට උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.



Post a Comment