මහබැංකුවේ මහපුටුව මහේන්ද්‍රන්ටයි

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් හිස්වූ මහ බැංකු අධිපති ධූරයට ලාංකික අන්තර් ජාතික බැංකුකරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කර ති‍බේ.

ඒ සඳහා මීට පෙරාතුව කිහිපදෙනෙකු යෝජනා වී තිබුණද එකී නම් අතුරින් මහේන්ද්‍රන් මහතා ඉදිරියෙන් සිටි බව මහබැංකු ආරංචි මාර්ග තහවුරු කරයි.


රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැති ධූරය දැරූ අවධියේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.



Post a Comment