අනුරාධපුර, සෙන්ට්‍රල් පාළම අසලදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අදාළ පුද්ගලයා ශ්‍රාවස්තිපුර සිට අනුරාධපුර දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු 65 හැවිදිරි වියේ පසු වූ පුද්ගලයෙකු බවට පොලිසිය සැක පළ කරයි.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment