නව රජයේ අතුරු අයවැය හෙට - සහන රැසක් ලබාදීමට නියමිතයි

නව රජයේ අතුරු අයවැය හෙට(29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නිමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා විසින් සිදුකරන ප්‍රකාශයක් ලෙස අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.


අතුරු අයවැය මගින් ජන ජීවිතය නගා සිටුවීම සදහා සහන රැසක් ලබාදීමට නියමිත බව ද වාර්තා වෙයි.


විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක මිල මෙම අයවැය යටතේ අඩුකිරීමට නියමිත බව රජය පසුගිය දා ප්‍රකාශ කළේය.


එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනාකර ඇති සහන ද මෙම අතුරු අයවැය යටතේ ලබාදෙනු ඇත.


මීට අමතරව රේගු බදු ලිහිල් කිරීම, සමෘද්ධි දීමනාව වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම, විශ්‍රාමිකයින්ගේ වැටුප් විශමතා ඉවත් කෙරෙන තෙක් ඔවුන්ට මාසික දීමනාවක් ලබාදීම වැනි යෝජනා ද මෙම අතුරු අයවැයේ ඇතුළත් වෙයි.



Post a Comment