මෙරට ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යය පිළිබඳ දත්ත එක්රැස් කිරීමට ජාතික මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ගොඩනැගිල්ල තුළ මෙම මෙහෙයුම් කාර්යාලය පිහිටුවීමට නියමිතය.
රටේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍යය පිළිබඳ දත්ත එක්රැස් කර හිඟයකින් තොරව ඒවා සපයා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කිරීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය කිරීම ද මෙහි අරමුණ වී තිබේ.
මේ අතර පසුගිය රජය යටතේ ආනයනය කරන ලද විශාල සහල් තොගයක් පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වී ඇති බව වාර්තා වෙයි.
ගබඩා රැසක ඇති එම සහල් තොග පිළිබඳව වහාම සොයා බැලීමට තීරණය කළ බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.

Post a Comment