සූරියවැව නිවසක් ගිනි තබයි - ලක්ෂ 20ක් වතුරේ

සුරියවැව, මීගහජදුර ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ ගිනි තැබීමකින් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.

ඊයේ(18) රාත්‍රී මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වෙයි.


ගිනි ගැනීමෙන් නිවස ආසන්නයේ නවතා තිබූ ත්‍රී රෝද රථයක් ,යතුරු පැදියක් හා කුඩා පාපැදියක් විනාශයට පත්ව ඇති බව ද වාර්තා වෙයි.


ගිනි ගැනීමෙන් සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 20 පමණ වන බව සඳහන්ය.


සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයකු මේ වනවිට සුරියවැව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.


මේ පිළිබඳව සුරියවැව පොලිසිය සහ තංගල්ල අපරාධ ස්ථාන නිරීක්ෂණ අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment