බී.එම්.අයි.සී.එච් අවි ගබඩාවේ තිබුණේ 151යි - ගිනි අවි 3222ක් අඩුයි

රක්නා ලංකා නැමැති පෞද්ගලික ආරක්ෂක අංශය යටතේ බී.එම්.අයි.සී.එච් හි පවත්වාගෙන ගිය අවි ගබඩාවේ තිබූ ගිනි අවි 3473න් දැන්‍ ඇත්තේ ගිනි අවි 151ක් බවත්, ඒ අනූව ගිනි අවි 3222ක් අඩු බවත්, පොලිසිය කියයි.

අද කළ පරික්ෂාවේදී මේ බව හෙළි වූයේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.


එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.


මීට දින කිහිපයකට පෙර කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ති‍්‍රවරයකු වන ලියනගමගේ දයාරත්න ( ජාතික හෙළ උරුමය) යන අය විසින් පොලිසිය වෙත තොරතුරක් දැනුම් දි පවසන ලද්දේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ පරිශ‍්‍රයේ ඇති පුද්ගලික ආරක්‍ෂක අංශයකට අයත් අවි ගබඩාවක නීති විරෝධි ගිනි අවි ඇති බවයි.


ඒ අනුව සහකාර පොලිස් අධිකාරි කොළඹ දකුණ රොෂාන් ඩයස් ස්ථානාධිපති කුරුඳුවත්ත ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක දෙල්ගහපිටිය ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර අදාළ අවි ගබඩාව සීල් තබන ලදී.


ඉන් පසුව 2015.01.19 වන දින කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත මෙම අවි ගබඩාව පරික්‍ෂා කළ අතර මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් සමන් දිසානායක මහතාද සහභාගි විය.


ඒ අනුව මේ සම්බන්ධයෙන් ලේඛන පරික්‍ෂා කිරිමේදී පහත කරුණු අනාවරණය විය.


රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් තබා ගැනිමට අවසරය ලබා දී තිබු අවි ප‍්‍රමාණය පහත පරිදි වේ.


01. - T- 56 - 2300


02. - 84-S - 670


03. - LMG - 385


04. - MPMG - 10


05. - SLR - 11


08. - පිස්තෝල - 08


09. - බෝර 12 රිපිටර් - 79


11. - ෂොට් ගන් - 10


එකතුව. - 3473


පරික්‍ෂා කිරීමේදී තිබුණූ ප‍්‍රමාණය


01. - T- 56 - 44


02. - 84-S - 35


03. - LMG - 32


04. - MPMG - 1


05. - SLR - -


08. - පිස්තෝල - -


09. - බෝර 12 රිපිටර් - 29


11. - ෂොට් ගන් - 10


එකතුව . - 151


ඒ අනුව නිකුත් කර ඇති සම්පුර්ණ ගිනි අවි ප‍්‍රමාණය 3473 ක් වුවද ගබඩාවේ තිබී ඇත්තේ 151 කි. ඒ අනුව ඌණතාවය 3322 කි.


මෙම ඌණතාවයට හේතුව අදාළ ගිනි අවි විවිධ රාජකාරි සඳහා නිකුත් කර ඇති බව පුද්ගලික ආරක්‍ෂක සමාගමේ නිලධාරින් පොලිසියට දන්වා ඇත.


එම ගිනිඅවි නිකුත් කර ඇති ආකාරය සහ නිකුත් කර ඇති පතොරොම් සම්බන්ධව පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වාගෙන යනු ලබයි.



Post a Comment