බුදු දහමට නිගරු වන අයුරින් පුවත්පත්වල සහ සඟරාවල ඡායාරූප පළ කිරීමෙන් වළකින්නැයි කියමින් පසුගියදා මහනුවර නගරයේ ගසකට නැඟ විරෝධතාවයක නිරත වූ පුද්ගලයා මහනුවර - කොළඹ ප්රධාන මාර්ගයේ පේරාදෙණිය, මහවැලි ගඟ පාලම අසල කුළුණකට නැඟ අද යළිත් විරෝධතාවක් ආරම්භ කර තිබේ.
අද උදෑසන සිට ඔහු මෙම විරෝධතාවයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
බුදු දහමට නිගරු වන අයුරින් පුවත්පත්වල සහ සඟරාවල ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලමින් අදාළ පුද්ගලයා විරෝධතාවයේ නිරත වේ.
මේ අතර රාජාංගනය, යාය 08 ප්රදේශයේ පාසැලක ජල ටැංකියක් මත නැග ඊයේ විරෝධතාවයක් ආරම්භ කළ පුද්ගලයා තවදුරටත් එම විරෝධතාවේ නිරත වන බව වාර්තා වේ.
අනියම් කම්කරුවෙකු ලෙස පාසලේ සේවය කළ අදාළ පුද්ගලයා ඔහුගේ සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා ඔහු මෙම විරෝධතාවයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඡායා රූ - හේරත් ඒකනායක
Post a Comment