බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ දි සිදුවු රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටිමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
අනතුරෙන් යතුරු පැදිකරු සහ එහි පසුපස ගමන්ගත් පසුපැදිකරු තුවාල ලබා පඹහින්න රෝහලට ඇතුළත් කිරිමේ දි පැදිකරු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 24 හැවිරිදි බලංගොඩ වෙහෙරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
අනතුරෙන් තුවාල ලැබු පසුපැදිකරු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment