සමනළගමටත් අවදානම එයි - පවුල් 7ක් ඉවතට

හැටන්, සමනළගම ප්‍රදේශයේ පවුල් කිහිපයක් නායයෑම් අවධානමක් හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට අඹගමුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව පවුල් 07 කට අයත් සාමාජිකයින් 38 දෙනෙකු මෙලෙස ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව සඳහන් වෙයි.


ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා සඳහන් කළේය.


මධ්‍යම කඳුකරයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය ද මේ වන විට තරමක් දුරට පහව ගොස් ඇති බව ද ඩී.පී.ජී.කුමාරසිරි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Post a Comment