තමිල්නාඩුවේ අලුත් ප්‍රධාන ඇමතිත් මෝඩිට ලියුම් ලියයි

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර අනුගමනය කරන ලෙස තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍ය ඕ.පන්නීර්සෙල්වම් අදාළ ලිපියෙන් ඉල්ලීමක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් තමිල්නාඩු ප්‍රාන්ත රජයට බාධාවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.


පසුගිය 06 වන දින අත්අඩංගුවට ගැනු ලැබු ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු මේ වන විටත් ඩෙල්ෆ් දූපතේ රඳවා සිටින බවද අදාළ ලිපියේ සඳහන්ය.


මේ වන විට ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා නිදහස කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ.


ඊට අමතරව ශ්‍රී ලංකා භාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.



Post a Comment