දරුවාගේ මව්පියන් හඳුනාගැනීමට ඩී.එන්.ඒ පරීක්ෂණයක්

දඹුල්ල බස් නැවතුමේදී අද දහවල් පොලිස් බාරයට ගත් දරුවාගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී අජිත් රෝහණ මහතා කියයි.

එම ළමයා තමාගේ බවට සැකපිට අත්අඩංගුවට ගත් යාචකයා කියාපෑම ඊට හේතුවය.


ඒ අනූව ළමයාගේ අයිතිය සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.


අම්බලන්ගොඩ බස් නැවතුමේදී පසුගිය වසරේ දෙසැම්බර් මස පැහැර ගැනීමට ලක්වූ බව කියන දරුවා අද දඹුල්ල බස් නැවතුමේදී පොලිස් බාරයට ගැනිණ.



Post a Comment