අද අළුයම මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
පම්බල ප්රදේශයේ නවතා තිබු ලොරි රථයක වෑන් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයෙකු මියගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව සඳහන් වෙයි.
මියගොස් ඇත්තේ යාපනය, කොට්ටාඩ් ප්රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.
යාපනයේ සිට කොළඹ බලා ගමන් කළ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර කාක්කපල්ලිය ප්රදේශයේ දී වෑන් රථයක පිටුපස ත්රී රෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරෙන් ත්රී රෝද රථයේ ගමන් කළ සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් ප්රතිකාර සඳහා හලාවත මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
අධික වේගය මෙම අනතුරු දෙකටම හේතුව බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Post a Comment