කොල්ලුපිටිය පොලීසිය අසළදී අද (02) පෙරවරුවේ පෙට්‍රල් හලාගනිමින් සිරුරට ගිනි තබාගෙන ඇත්තේ යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.
පෞද්ගලික හේතුවක් මත බව කියමින් එසේ සිරුරට ගිනි තබාගෙන ඇත්තේ අංක 63/2, කලල්ගොඩ, පන්නිපිටිය ලිපිනයේ පදිංචිව සිටි පියසේන නැමැති අයෙකු බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.
අදාළ පුද්ගලයා අවුරුදු 21ක් යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයෙකි.
බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට අද පෙරවරුවේ ඇතුළත් කෙරිණ.
Post a Comment