නාත්තන්ඩිය මුස්ලිම් පාසලේ විදුහල්පතියි ළමයිනුයි ගුටි කෙළියක - Naththandiya school students fight with principal

නාත්තන්ඩිය කොට්ටරාමුල්ල අල්හීරා මහා විදුහලේ විදුහල්පති මොහොමඩ් ස්මයිල් මහතාට ඊයේ (20) පෙරවරුවේ ළමුන් පිරිසක් විද්‍යාලය තුළ දී පහර දී ඇත.

මේ පිළිබදව විදුහල්පතිවරයා කොස්වත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ළමුන් හයදෙහෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඉන් තිදෙනෙකු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


කාලයක පටන් පැවති ආරවුලක් මත අද පෙරවරුවේ සැලසුම් සහගතව මේ පහර දීම තමනට සිදු කළ බව විදුහල්පති මොහොමඩ් ස්මයිල් මහතා පැවසිය.

විද්‍යාලයේ ආපන ශාලාව ආසන්නයේදී මේ පහරදීම සිදුව ඇති අතර නියමිත විවේක කාලයෙන් භාහිරව ආපන ශාලාවේ රැදී සිටීම පිළිබද විදුහල්පතිවරයා විසින් ළමුනට අවවාද කිරීම මේ පහර දීමට ආසන්නතම හේතුව බව වාර්තා වේ.



Post a Comment