මීගමුව, බොස්කෝපුර දරුවෙකුත් පැහැර ගනී

මීගමුව, බොස්කෝපුර ප‍්‍රදේශයේදී වයස අවුරුදු 4 ක පිරිමි දරුවෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා. 

පොලීසිය පැවසුවේ මෙම දරුවා සිය පියාගේ ඥාතියෙකුගේ නිවසේ රැදී සිටියදී අද දහවල් මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි.

දරුවා සොයා ගැනීම සදහා මේ වනවිට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවද මීගමුව පොලීසිය සදහන් කළා. මේ අතර ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේදී ඉකුත්දා පැහැර ගැණුනු වයස අවුරුදු හතර හමාරක දරුවා

පිළිබදවද මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැහැ.

පොලීසිය ඉල්ලා සිටියේ මෙම දරුවා හෝ පැහැර ගැනීම සිදුකල අය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබද දැනුම් දෙන ලෙසයි.

IFTTT

Turn off or edit this Recipe

Post a Comment