පොලිසියෙන් වෙඩි කෑ පස්යාලේ තරුණයා..

හිත්පිත් නැති පොලිස් නිලධාරියකුගේ වෙඩි උණ්ඩයකට මේ තරුණ ජීවිතය බිලි වුණා. පොලිස් දෙපාර්තමේන්තුවේ මානව දයාව ඇති බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය අතරම මේ වගේ නරුමයොත් ඉන්නවා. 

ඒ නිසා ගුණගරුක ඉහළ නැංවිය හැකි පුහුණු පාසලකට මේ පොලිස් නිලධාරින් යොමු කරවලා ගන්නව නම් හොඳ යැයි කළුඅග්ගල පුරාණ විද්‍යාසාර පිරිවෙනේ විහාරාධිපති හාපිටිගම් සියනෑ දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හල්පෙ සරණංකර නාහිමිපාණන් වහන්සේ අනුශාසනාවක් පවත්වමින් පැවැසූහ.

පොලිස් වෙඩි පහරකින් අකල් මණයට පත් මීරිගම කිතුල්වල පදිංචිව සිටි සුභාස් ඉන්දික තරුණයාගේ අවමඟුල් උත්සවයේදී උන්වහන්සේ මෙසේ

පැවැසූහ. දහසකට ආසන්න ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (14දා) පැවැති මේ අවමඟුල් උත්සවයේදී තවදුරටත් අනුශාසනා කළ නායක ස්වාමීන් වහන්සේ -

එක අතකට මේක මේ තරුණයා සංසාරයේ පතාගෙන ආපු විදියට මේ වගේ දෙයකින් ජීවිතයෙන් සමුගත්තා වගෙයි. ඉන්දික තරුණයාගේ මරණය මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක්. ඒකට නීතියක් මේ රටේ නැහැ. හිත්පිත් නැති කුරිරු වෙඩි උණ්ඩයකට අද මේ තරුණ ජීවිතය බිලිවෙලා තියෙනවා. මේ ඉතාමත් කනගාටුදායක සිද්ධියක්.

අකල් මරණයට පත් ඉන්දිකගේ නිසල දේහය රැගත් අවමංගල්‍ය පෙරහරට සහභාගි වූ දහස් සංඛ්‍යාත ජනකායක් පොලිසියට එරෙහිව වැකි සඳහන් වූ බැනරයන් රැගෙන පැමිණ මීරිගම දිවුලපිටිය මහා මාර්ගයේ පැයකට ආසන්න කාලයක් තබාගෙන විරෝධතා සටන්පාඨ කියමින් ජනාධිපතිගෙන්, පොලිස්පතිගෙන් හා ආරක්ෂක ලේකම්ගෙන් මේ මරණයට සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටියහ.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment