කුලහීන දැරියන් දෙදෙනකු දූෂණය කර මරා ගහක එල්ලලා

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුලහීන ගම්මානයක විසූ දැරියන් දෙදෙනකු සමූහ දූෂණයට ලකකර ඉන්පසු ඔවුන් මරාදමා ඔවුන්ගේ සිරුරු ගසක එල්ලීමේ ඛේදජනක සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දිනෙක රාත්‍රියේ මෙම දැරියන් දෙදෙනා අතුරුදන් වී ඇති අතර පසුදා පහන්වනතුරු නිවැසියන් ඔවුන් සොයා තිබේ. එහෙත් පසුදින උදෑසන දූෂණයට ලක්ව මියගිය දැරියන් දෙදෙනාගේ දේහයන් ගසේ එල්ලා තිබියදී ගැමියන් සොයාගත් බව

අනාවරණය වේ. 

මියගිය දැරියන් දෙදෙනා වයස අවුරුදු 14 සහ 15 වියේ පසු වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය දැරියන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය පසුපස පොලිස් නිලධාරීන් දෙදෙනකුද සිටින බව ආරංචි මාර්ග පවසයි.

IFTTT

Turn off or edit this Recipe

Post a Comment