ඉඩම් හා පවුල් ආරවුලක් මත කිපුණු පුද්ගලයකු තම බිරියටත් තුන් හැවිරිදි දියණියටත් පිහියකින් ඇන පදිංචි නිවෙසටත් ගිනි තැබීමෙන් සිවුදෙනෙක් පිලිස්සී මියගොස් සිටිති.
මියගිය සිවුදෙනා අතර නිවෙසට ගිනි තැබූ ගෙහිමියාද වෙති. මේ මහා ඛේදවාචකය සිදුව තිබෙන්නේ කතරගම කඳසුරිඳුගම 2 වැනි පෙළට අයත් අංක 66 දරන නිවෙසේදීය. ගින්නට පිලිස්සීමෙන් තුවාල ලැබූ දෙදෙනකු හම්බන්තොට රෝහලට ඇතුළත් කොට තිබේ.
මියගොස් ඇත්තේ ගෙහිමියා වන ඒකනායක මුදියන්සේලාගේ චන්ද්‍රකීර්ති සුරවීර (29) ඔහුගේ බිරිය වන සමර ජුලිගේ සබීතා (33) බිරියගේ මව වන හේවාරත්න ජුලිගේ ලීලාවතී (67) සහ දියණිය වන රන්දිමා (3) යන අයයි. පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගතකරනු ලැබ සිටින්නේ මියගිය බිරියගේ පියාවන හැත්තෑහත් හැවිරිදි කරෝලිස් මහතා සහ ආබාධිත තත්ත්වයකින් පසුවූ දර්ශනී (32) නමැත්තියයි.
පිහිපාරක් ඇනීමත් දරුණු ලෙස පිලිස්සීම්වලටත් ලක්වූ බිරිය සබීතා කතරගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.
සිද්ධිය ඇසින් දුටු අසල්වැසියකු වන නිමල් වනිගරත්න මහතා මෙසේ පැවැසීය.
මම රාත්‍රි ටීවී බලබලා ඉන්න කොට මහා හයියෙන් ගෑනු අයකු කෑගහනවා ඇහුණා. බේරාගන්න කියලා. මම ඒ පැත්තට යනකොට මම දැක්කා සබීතා නංගි ගිනි ගොඩක හිටියා. එයා බිමදිගාවී ගිනි නිවාගත්තා. මම යනකොට අනේ නිමල් අයියේ මාව බේරාගන්න කියලා උදවු ඉල්ලුවා. ඒ සමඟ මම දැක්කා ගේ ඇතුළෙන් මහා ගින්නක් නඟිනවා. මම අහල පහළ අයට කෑගහලා කිව්වා ගින්න නිවන්න කියලා.
දරුණු ලෙස තුවාල ලබා සිටි (3) හැවිරිදි රන්දිමා දැරිය හම්බන්තොට රෝහලටත් එතැනින් කරාපිටිය රෝහලටත් ඇතුළත් කරනු ලැබූ අතර පසුව ඇයද මියගොස් ඇත.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ එම නිවෙසේ සිටින බිරියගේ මව සහ සහෝදරිය තරමක ආබාධිත තත්ත්වයෙන් පසුවන හෙයින් ඔවුන් නිවෙසේ තනිකර බිරිය සහ දුවණිය වෙනත් නිවෙසක පදිංචියට යෑමට නිවෙස් හිමියා කලක සිට තර්ජනය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවයි.
පෙරේදා රාත්‍රි බීමත්ව නිවෙසට පැමිණි ගෙහිමියා බිරිය සමඟ යළි ආරවුල් ඇති කරගෙන ඇයට පිහියෙන් ඇන නිවෙසට ගිනි තැබූ අවස්ථාවේ සැකකරුගේද ඇඳිවතට ගිනි ඇවිළී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සඳහා පොලිස් විද්‍යාත්මක පර්යේෂණ අංශද කැඳවා තිබිණි.කතරගම ප්‍රදේශය භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සිසිරකුමාර මහතාගේ උපදෙස් මත කතරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Three members of a family were killed and three injured after one family member set fire to a house in Kataragama last night, police said.
Initial investigations revealed that the suspect who owned the house, had initially stabbed his wife, three-year-old daughter, mother-in-law, father-in-law and brother-in-law and set fire to the house after the victims were locked up inside the house.
Later the suspect had also jumped into the fire. Police said the suspect, his wife and mother-in-law died due to burn injuries while the others were admitted to the Kataragama hospital with stab injuries.
The three-year-old daughter who was receiving treatment at the hospital was succumbed to her injuries, police said.

Put the internet to work for you.
Post a Comment