ආයිමත් මං පෙම්වතියක් - Udari Warnakulasooriya

කොහොමද ඔබ සිංගප්පූරුවේ ගතකළ ජීවිතය?
ගොඩාක් හොඳයි. සතුටින් සැමියා සමඟ කාලය ගතකළා. මා ගතකරපු සුන්දර කාලය කියලා මට දැනෙන්නේ.

ඔබේ සැමියා සුජිත් ඔහුගෙන් ඔබට ලැබුණු සහාය කොහොමද?
ඔහුගෙන් ලැබෙන සහාය මට එය කියා නිම කරන්න බැහැ. ඔහු සැමියෙක්, පියෙක්. එවැනි සැමියෙක්ගේ බිරියක් වීමට ලැබීම මා භාග්‍යවන්තයි. ඒ වගේම මගේ දුව පින්වන්තයි එවැනි සෙනෙහෙබර පියෙක් ලැබීම නිසා.

බොඳ මීදුම් ටෙලිනාට්‍යයෙන් සංසලාට ලැබුණු ප්‍රතිචාර?
අති විශිෂ්ටයි, අභිමානයි, අනන්තයි සංසලා චරිතය මගේ කලා දිවියට ලොකු වෙනසක් කළා. 2011 සුමති ටෙලි සම්මාන උළලෙදි වසරේ ජනප්‍රියම නිළිය ලෙසට සම්මානය මට හිමිවුණා.


ඒ ඔබට ලැබුණු ජනප්‍රියත්වය ඔබේ නිදහසට කරදරයක්ද?
මට එහෙම හිතිලා නැහැ. ජනප්‍රියත්වය කියන්නේ ජනතාවගේ ප්‍රියතාව. රංගන ශිල්පිනියකට ජනප්‍රියත්වය ලැබීම උතුම් භාග්‍යයක්. එය ආභරණයක් ලෙස රැකගැනීම කළ යුතුයි. ජනතාව මට ආදරය කරන එක මට සතුටක්. එය මට බාධාවක් කියලා මට හිතෙන්නෙ නැහැ.

ඔබ කිසියම් නිර්මාණ කටයුත්තකට දායකවීමට පෙර සැලකිලිමත් වන කරුණු?
ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්ද මම බිරියක්, මවක්, විදියට සදාචාර සම්පන්න රටක ජීවත්වන නිසා ඒ සියල්ල තෝරා බේරාගෙන රංගනයෙන් දායක වෙනවා.

ඔබ දැන් අම්මා කෙනෙක් ඇයි තවමත් පෙම්වතියගේ චරිත තෝරාගන්නේ?
මම මවකගේ ස්වරූපයෙන් මිදිලා දරු ප්‍රසූතියෙන් පසු මගේ බර කි.ග්‍රෑම් 85 තිබුණා. ඒත් මගේ කැපවීම, උත්සාහය නිසා දැන් මගේ බර කි.ග්‍රෑම් 55 අඩුකර ගෙන නිරෝගිමත් සිරුරක් හදාගත්තා. එමනිසා දැන් මවකගේ සිරුරක් නෙවෙයි තියෙන්නේ. මට තවමත් පෙම්වතියකගේ චරිත රඟපාන්න පුළුවන්.

පෙම්වතියකගේ චරිත රඟපානවාට ඔබේ සැමියා විරුද්ධ නැද්ද?
අනේ නැහැ. ඔහුට මාව ගොඩාක් විශ්වාසයි. ඔහු මාව හොඳට තේරුම් අරගෙන ඉන්නේ. මාව තෝරගන්නේ තවමත් පෙම්වතියකගේ චරිතයට. මගේ සැමියා මට දෙවියෙක්.
අම්මා කෙනෙක් වෙලත් ඔබේ විලාසිතාවල නම් වෙනසක් දකින්න නෑ?
මගෙ වයස හැටියට මම ගොඩාක් විලාසිතා අනුගමනය කරනවා. මොකද මගෙ තාම වයස 25ට වැඩි නෑනේ. අම්මා කෙනෙක් වුණා කියලා මට රෙද්ද, හැට්ට අදින්න කැමැති නෑ. මගේ සැමියා කැමැති ඔහු මාව දකින්න කැමැති විදියට මම අදිනවා, පලඳිනවා. බාහිර ස්වරූපයට වඩා අධ්‍යාත්මිකව පිරිසුදුයි.

ඔබේ සැමියා දිගටම සිංගප්පූරුවේ ඉන්නද අදහස?
ඔහුගේ වෛද්‍ය වෘත්තිය පටන් ගත්තේ සිංගප්පූරුවේදී. ජාත්‍යන්තර සම්මානලාභී වෛද්‍යවරයෙක් නිසා ඔහු එයාගේ එකම බලාපොරොත්තුව ඉගෙනගත් දැනුමෙන් ලංකාවේ හොඳ වෛද්‍ය සේවයක් කරන්න. තව අවුරුදු කීපයක් තුළ ඔහුත් ලංකාවේ රැඳේවි.

ඔබ දෙදෙනා දෙතැනක සිටීම නිසා ඔබට හුදකලාවක් නැද්ද?
නැහැ. අපි රටවල් දෙකක හිටියට ඔහු මාසයකට සැරයක් මාවත් දුවත් බලන්න එනවා. නැවතත් මාසයකට සැරයක් මමයි, දුවයි සිංගප්පූරුවට ඔහු ළඟට යනවා. හුදෙකලාවක් දැනෙන්න තරම් වෙන්වීමක් කියලා මට හිතෙන් නෑ.

පුංචි දුවට පිය සෙනෙහස ආදරය අඩුවක් දැනෙනවාද?
දුව දඟකාරයි. කටේ තියෙන්නෙම තාත්තා කියලාමයි. දුවට අපි දෙන්නාගේ ආදර සෙනෙහස අඩුවක් දැනෙන්න අපි කටයුතු කරන් නැහැ.

ඔබ දිගටම ලංකාවේ රැඳෙන්නද බලාපොරොත්තුව?
ලංකාවේ දිගටම රැදෙන්න අදහසක් නැහැ. බාරගත්තු නිර්මාණ කටයුතුටික නිමකරලා මම නැවැත සිංගප්පූරුවට යනවා දුවගේ අධ්‍යාපන කටයුතු සඳහා.

දුවගේ අධ්‍යාපන කටයුතු සිංගප්පූරුවෙන් ලබා දෙන්නද ඔබගේ අදහස?
ඔව්. අපි දෙන්නාගේ කැමැත්ත දුවව සිංගප්පූරුවේ අධ්‍යාපන කටයුතු සඳහා යොමුකරවීමට. අපිට පුළුවන්කම තියෙන නිසා. මොනවා නැතත් අපේ සංස්කෘතිය වෙනස් කරන්න දෙන්නැහැ.

මේ දවස්වල කොහොමද ඔබේ නිර්මාණ කටයුතු?
ගොඩාක් සාර්ථකයි. සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් ඇසුරෙන් සදුන් රාජකරුණා නිර්මාණය කරන ආදර දෑසක් ටෙලි නාට්‍යයේ මමයි, අමිල අබේසේකරයි ප්‍රධාන චරිතය රඟපානවා. ඒ වගේම සාරංග මෙන්ඩිස් අධ්‍යක්‍ෂණ කරන නිර්මාණ දෙකකට දායක වෙනවා. සුසුමට පවා රහසින් සහ වස්සාන සමයම ටෙලිනාට්‍යවල මේ දිනවල රූපගත කිරීම් සඳහා දායක වෙනවා.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment