සුපිරි පිතිකරු මා නොවේ අරවින්දයි - සංගක්කාර කියයි

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ත්‍රිත්ව ශතකය ලබා ගැනීමත් සමඟ මුලු ලකුණු එකොළොස් දහසේ සීමාවද ඉක්මවා යමින් වාර්තා පොත් අතරට එක්විය.

සිය වෙහෙසකර ඉනිම නිමා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී සංගා අපූරු කතාවක් කීවේය.ත්‍රිත්ව ශතකයත්,ලකුණු එකොළොස් දහසේ සීමාව ඉක්මවීමත් සමඟ ඔබ ලංකාවේ සුපිරි පිතිකරුවා වූවාදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇසීය.එහෙත් සංගක්කාර පැවසුවේ 'තමා ලංකාවේ සුපිරි පිතිකරුවා නොවන බවය. 

අරවින්ද සිල්වා ලංකාවේ සුපිරි පිතිකරුවා යැයි ඔහු කීවේය. අරවින්දගේ සුපිරි ක්‍රීඩා රටාව තම ගමනට ජවයක් වූ බව සංගා පැවසූ අතර වාර්තාවන් පිහිටුවීමත් ,බිඳ දැමීමත් නිතර සිදුවිය හැකි බව කීවේය. 'දක්ෂතාවය ඇති පුද්ගලයින් ඉතිහාසයේ සිට ඇති බව මා පවසනවා' යැයි සංගක්කාර කීවේය.ටෙස්ට් තරගවලදී වැඩි ම ද්විත්ව ශතක රැස් කළ ක්‍රීඩකයින් අතර දෙවන ස්ථානයහිමි කර ගැනීමට කුමාර් සංගක්කාර සමත්ව සිටින අතර වැඩිම වේගයකින් 11000 කඩඉම පසුකළ ක්‍රීඩකයා වන්නේද ඔහුය.කඩුලු රකින ක්‍රීඩකයෙකු මින් පෙර මෙවැනි දස්කමක් කොට නැත.මේ වනවිට සංගක්කාර ලොව එක් දින ක්‍රිකට් ලකුණු 12,000 පසු කළ 4වැනි පිතිකරුවා බවටද පත්ව සිටී.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment