අවුරුදු 101ක්‌ ආයු වළඳා අග්ගමහා පණ්ඩිත වැලිගම ඥානරතන නාහිමියෝ අපවත් වෙති

සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්‌තිථිය වෙනුවෙන් මහඟු සේවයක්‌ කළ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහ නිකායේ මහානායක රත්මලාන මල්ලිකාරාමාධිපති රාජකීය පණ්‌ඩිත විනය විශාරද ධර්මකීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවංශ අග්ගමහා පණ්‌ඩිත ආචාර්ය වැලිගම ඤාණරතන මහ නාහිමියෝ අපවත් වී වදාළහ. උන්වහන්සේ අවුරුදු 101 ක්‌ ආයු වළඳා පෙරේදා (18 දා) අලුයම අපවත් වූහ.

1913 ඔක්‌තෝබර් 14 වැනිදා උපන් උන්වහන්සේ 1925 නොවැම්බර් 31 වැනිදා පැවිදි බිමට ඇතුළත් වූහ. 1933 වර්ෂයේදී උන්වහන්සේ උපසම්පදාවට පත්වූ අතර පැලෑනේ ශ්‍රී වජිරඤාණ මහනාහිමිපාණන්ගේ ශිෂ්‍යයකු වශයෙන් ධර්මය හැදැරීමේ භාග්‍යය ද හිමිකර ගත්තේය.

වැලිගම නාහිමියෝ ධර්ම ශාස්‌ත්‍රීය ග්‍රන්ථ සියයකට අධික ප්‍රමාණයක්‌ රචනා කර ඇති අතර උන්වහන්සේ බුරුමයේ පැවැති හයවැනි ධර්ම සංගායනාවට ද සහභාගි වූහ.1974 සිට ගුවන් විදුලියේ ධර්ම දේශනා කළ උන්වහන්සේ පාලි ශබ්ද කෝෂය සිංහලට පරිවර්තනය කිරීමේ උපදේශක තනතුරු ද ඉසිලූහ.1958 දී ආරම්භ කරන ලද රත්මලානේ මල්ලිකාරාමය කේන්ද්‍ර කරගෙන උන්වහන්සේගේ ශාසනික ජාතික සේවාවන් දියත් විය.


2004 වසරේදී අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ මහනායක පදවියට වැලිගම නාහිමියෝ පත්වූහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය රත්මලාන මල්ලිකාරාමයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය ලබන බදාදා (22 දා) සිදුකිරීමට නියමිතය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment