Youtube වීඩියෝවේ වාර්තාව සැමරිමට දිනේෂ් පාර්ටි දමයි

ශ්‍රි ලාංකාවෙ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව බවට දිනේෂ් සුබසිංහගේ "ඒ කාලේ" යූටියුබ් ගීතය පත්වීම නිසා ඔහු විසින් ප්‍රිය සාද කිහිපයක් පවත්වා තිබේ.

පලමු සාදය කලාකරුවන් ‍රැසකට කොළඹදි රනුශ්ක ප්‍රනාන්දු ට අයත් හෝටලයකදී සවස තේ පැන් සංග්‍රහයක් ලෙස සමරා ඇති අතර දෙවැන්න දිනේෂ් සුබසිංහගේ නිවසෙහි රාත්‍රි බෝජන සංග්‍රයක් ලෙස සමරා තිබේ.

ඊට අමතරව මේ වෙනුවෙන් වසරක පරිගනක පාඨමාලාවක් සඳහා ළමයින් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රධානයක්ද සිදුකර තිබේ.

නමුත් මේ මොහොත වනවිට දිනේෂ්ගේ ගීතය ට වඩා 1,951 දෙනෙකු ඉරාජ්ගේ මනමාලී ගීතය නරඹා තිබේ.


දිනේෂ්ගේ ඒ කාලේ ගීතය: 1,446,591 Views
ඉරාජ්ගේ මනමාලී ගීතය 
 : 1,448,542 Views

දිනේෂ්ගේ පාර්ටි වල ජායාරූප එකතුවක් පහතින්.


-සම්බන්ධිත පුවත්-
යුටියුබ් යුද්ධයේ ජය ඉරාජ්ටද? දිනේෂ්ටද?
පුවත්පත් පිට වරද පටවා ඉරාජ් හා දිනේෂ් සාමදාන වෙයි

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment