මම ආයෙත් පෙම්වතියක්‌ - Upeksha Swarnamali

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වන උපේක්‍ෂා ස්‌වර්ණමාලිට නැවතත් ආදරයේ මිහිර දැනෙන්න අරගෙන කියලා පසුගිය දවස්‌වල දැනගන්න ලැබුණා. ඇය ඒ ගැන බොහෝ දේ පවසලා තිබුණා. තමන්ට දැනෙන අලුත් ආදරය ගැන උපේක්‍ෂා කියල තිබුණේ මේ වගේ කතාවක්‌.

ආයේ කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියලා හිත හදාගෙන හිටපු මගේ හිත වෙනස්‌ කළේ මගේ අම්මා. අපි දන්න කියන කෙනෙක්‌ හරහා තමයි එයා මේ යෝජනාව අපේ ගෙදරට ගෙනාවේ. අම්මා කැමැති වුණු නිසා මමත් කැමැති වුණා. ඔහු ව්‍යාපාරිකයෙක්‌. මුලින්ම මම අකැමැති වුණත් ඔහුව දැක්‌කට පස්‌සේ මගෙත් හිතගියා. මොකද එයා නළුවකුටත් වඩා ලස්‌සනයි.

ඒ විතරක්‌ නෙවෙයි. එයා මට වඩා උගත්, මට වඩා වයසයි, ජීවිතය ගැන අවබෝධයක්‌ තියෙනවා. ප්‍රිය මනාපයි. අපි අපි ගැන විවෘතව බොහෝ දේ කතා කළා.උපේක්‍ෂා මෙහෙම කියලා තිබුණේ ඇයගේ අලුත්ම ප්‍රේම කතාව ගැන ලොකු සතුටකින් වගේම ලොකු විශ්වාසයකින් කියල අපිට හිතුණා. ඒ වගේම ඇය මෙහෙමත් කියලා තිබුණා.


"මගේ කලාවටයි, දේශපාලනයටය්, එයා ගොඩක්‌ කැමැතියි. නමුත් ඔහු මේ දෙඅංශයටම බර කෙනෙක්‌ නෙවෙයි. ඔහුත් මං වගේම විරහ වේදනාව හඳුනන කෙනෙක්‌. ජීවත් වෙද්දී නොයෙකුත් ප්‍රශ්න මතු වෙනවා. අපිත් මේ බල බල ඉන්නේ අපේ පළමු රණ්‌ඩුව කවදා සිදුවෙයිද කියලා."

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment