ලංකාවට පෙම්බැඳි ජෙෆ්රි ඩොබ්ස්ට ලංකාව තහනම් වුයේ ඇයි?

ජෙෆ්රි ඩොබ්ස් නමැති ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයෙකුට ශ්‍රී ලංකාවට පැමිණීම ආගමන විගමන කොමසාරිස්වරයා විසින් තහනම්කොට තිබේ. 

මේ පිලිබඳ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයාද ප්‍රශ්නකර තිබූ අතර එහිදී එය සතයක් බව තහවුරු වුනි. 

ජෙෆ්රි ඩොබ්ස් යනු කව්රුන්ද ? ඔහුට ලංකාව තහනම් වුයේ මන්ද යන්න තවමත් බොහෝ දෙනා නොදන්නා අතර මෙම ලිපියෙන් ඒ පිලිබඳ හෙළිදරව් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. 

1970 සිට ලංකාවට පෙම් බැඳී ජෙෆ්රි 
1970 දී සංචාරක සඟරාවක ලංකාව පිලිබඳ දුටු ජෙෆ්රි ලංකාවට පමින්නේ සැබවින්ම එම සඟරාවේ තිබු කරුණු සත්‍යදැයි දැනගැනීමටයි. ලංකාවට පැමිණි පසු ලංකාවේ සුන්දරවත්වයෙන් වශී වුනු ජෙෆ්රි ලංකාවේම නැවතීමට තීරණය කර ඇත. 

මුලින් වැලිගම ප්‍රදේශයේ පදිංචි වූ ඔහු පසුව ගාල්ලට පැමිණෙන්නේ එහි ඔහුගේම "ඩච් හවුස්" නම් හෝටලයක් ද ආරම්භ කරමිනි. අදටත් ජෙෆ්රි සිය ගෙදර ලෙස විශ්වාස කරන්නේ ඔස්ට්‍රේලියාව නොව ගාල්ලය. ජෙෆ්රි හා ගාල්ල අතර එතරම් බැඳීමක් තිබුණි. 

එමෙන්ම ඔහු ගාල්ලට කල සේවයද අපමණය. ඔහු ශ්‍රී ලංකාවට පරිත්‍යාග ලෙස ඩොලර් මිලියන පහක් පමණ ලබා දී තිබේ. ගාලු සාහිත්‍යය උළලේ නිර්මාතෘවරයාද වන්නේ ඔහුය. ගාල්ලට සුනාමි ආ පසු අවතැන් කඳවුරු වල සිටි 8500 කට පමණ මිනිසුන්ට ඔහු උදව් උපකාර කොට ඇත. වැසිකිලි 200ක් ඉදිකොට ඇත. වතුර හා විදුලිය නිවාස සියයකට ලබාදී ඇත. වසා දැමුණු හෝටල් 125 නැවතත් විවෘත කිරීමට ඔහු දායක වී ඇත. 

ලංකාවට හිතැති ජෙෆ්රිට ලංකාවේ දොර වැහුණේ ඇයි? 
අප වෙත වාර්තාවන පරිදි මෙයට ආසන්නතම සිදුවීම වන්නේ ජෙෆ්රි විසින් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ජාතික ධජයට සිදු කරන ලද අපහාසය නිසාවෙනි. ඒ පිළිබඳව මෙයට පෙර ලිපියකින් අප හෙළිකර සිටි අතර පහත දැක්වෙන්නේ එම ලිපියෙන් උපුටා ගත් කොටසකි. 

පසුගියදා පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව එහි මහජන සමුළුව ගාල්ලේදී පැවැත්වූ අතර ඒ සඳහා ගාල්ල නගරය පොදුරාජ්‍යය මණ්ඩල කොඩි වලින් සරසා තිබුණි. ලංකාවේ උත්සවයකට දමන සිංහ කොඩි පවා උඩු යටිකුරු දමන වටපිටාවක ගාල්ලේ එම කොඩි වලින් ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියානු ධජය දමා තිබුනේ උඩු යටුකුරු කරමිනි. 

ඕස්ට්‍රේලියානු කොඩිය පමණක් ගාල්ල නගරයේ යටිකුරුව ලෙලදෙමින් තිබු අයුරු දුටු ගාල්ලේ ඩච් හවුස් හෝටලේ ඕස්ට්‍රේලියානු හිමිකරු කෝපයට පත්ව ඇතිඅතර ඔහු විසින් ඕස්ට්‍රේලියානු කොඩිය නිවරදිකොට ලංකාවේ ජාතික ධජ කිහිපයක් සොයා ඒවා බිම දමා අගෞරව කොට ඇත. 

එයින් නොනවතුනු ජෙෆ්රි විසින් ඕස්ට්‍රේලියානු ජාතිකයන් කිහිප දෙනෙකු සමග සිය හෝටලයේ ලංකාවේ ජාතික ධජය ඇඳගෙන එයට අපහාස වන අයුරින් රාත්‍රියේ නර්තනයක යෙදී ඇත. හෝටලයේ වැඩකරන ලාංකික සේවකයන් පිරිස විසින් එය වැලක්වීමට උත්සාහ ගත්තත් එය ව්‍යාර්ථ වී තිබේ. 

පොලිසියට ඒ පිළිබඳවද පැමිණිලි ලැබී ඇති අතර පොලිසිය විසින් රාත්‍රියේදී හෝටලයට පැමිණ එම සිංහ ධජ එකතුකොටගෙන ගොස් තිබේ. එයින්ද නොනැවතුණු හෝටලයේ හිමිකරු සිංහ ධජයට අපහාස වන අයුරින් සිය මෝටර් රථයේ ධජය ප්‍රදර්ශනය කරමින් ගාල්ල නගරය පුරා සැරිසරා ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment