"සීත මාරුතේ" ඉන්දියාවට ගිය හැටි

රුවන් හෙට්ටිආරච්චි විසින් ගයනා කරන ලද සීත මාරුතේ ගීතය ගෞරව් ඩගෝන්කර් නම් ඉන්දියානු නවක ගායන ශිල්පියා විසින් Mashup ආකාරයෙන් ගායනාකොට තිබෙන අතර එම ගීතය මේවනවිට බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. 

ගෞරව් ගේ ඇති විශේෂත්වය වන්නේ ඔහු ගීත Mashup ආකාරයෙන් ගයානා කිරීමයි. ඔහුගේ නායකත්වයෙන් යුත් සංගීත කණ්ඩායමේ නම Synchronicity වනු අතර එහි අදහස වන්නේ යනු ගැලපීමක් ඇති සිද්ධීන් එකට අනුගත කිරීමක් යනුවෙනි. 

තවමත් 29 වන වියෙහි පසුවන ගෞරව් සංගීත අධ්‍යක්ෂණයට එළඹ ඇත්තේ 2011 වසරේදී තිරගතවූ "ලංකා" චිත්‍රපටය මගිනි. එහි චිත්‍රපටය මෙන්ම සංගීතයද එතරම් ජනප්‍රියත්වයට පත් නොවිණි. කෙසේ නමුත් ඉන්පසු ඔහු ඉදිරිපත් කරන ලද mashup ආකාරයේ ගීත වලට යූ ටියුබ් ඔස්සේ ඉහල ප්‍රතිචාරයක් ලැබී තිබුණි. 

රුවන් හෙට්ටිආරච්චි විසින් ගායනා කරන සීත මාරුතේ ගීතය සහ බ්‍රයන් ඇඩම්ස් විසින් ගායනා කරන හෙවන් ගීතය එක්කොට තැනු පහතින් දැක්වෙන එම ගීතය ඔහු විශේෂයෙන්ම පිරිනමා තිබුනේ ලංකාවේ ඔහුගේ රසික රසිකාවියන් වෙනුවෙනි.

http://www.mediafire.com/download/0dgxs5unaza3ndb/Seetha+Maruthe++Heaven+by+Gaurav+Dagaonkar+%28Synchronicity%29+OFFICIAL.mp3

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment