
ඇමති පිල ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් පන්දුවාර 20 ක් තුළ ලකුණු 198 ක් ලබා කඩුළු 07 දැවී ගියේය. එයට පිළීතුරු ඉනිම ක‍්‍රිඩා කළ මන්ත‍්‍රි කණ්ඩායම කඩුළු 06 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
ඇමති පිලෙහි නායකත්වය දැරුයේ මහින්දානන්ද අලුත්ගමගේ විසින් වන අතර උපනායක සනත් ජයසූරිය අද දින සහභාගී වී තිබුනේ නැත. සුසිල් පේ‍්‍රමජයන්ත, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්ද අමරවීර, පේ‍්‍රමලාල් ජයසේකර, ඉන්දික බණ්ඩාරනායක, රෝහණ දිසානායක, අර්ල් ගුණසේකර, ජගත් පුෂ්පකුමාර, රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, විනයාගමූර්ති මුරලිදරන් යන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරු එම කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන් විය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ නායකත්වය අර්ජුන රණතුංග පවරා තිබුනත් සනත් මෙන්ම ඔහුද එම තරඟයට නොපැමිණි බැවින් රවී කරුණානායක එහි නායකත්වය ඉසිලු අතර උපනායක ලෙස නාමල් රාජපක්ෂ නම්කොට තිබුණි. නෙරන්ජන් වික‍්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම්, ලොහාන් රත්වත්තේ, හරීන් ප‍්‍රනාන්දු, තාරානාත් බස්නායක, එරික් වීරවර්ධන, දිලූම් අමුණුගම, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ සහ නලීන් බණ්ඩාර එම කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන් විය.
එම තරඟයේ ජයාරූප එකතුවක් පහතින් බලන්න

Put the internet to work for you.
Post a Comment