අඩුවයසින් ගැබ්ගැනීම් ඉහළ යාමට හේතුව කොටි ත්‍රස්තවාදය හා අන්තර් ජාලය

අඩු වයසින් ගැබ් ගන්නා දරුවන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. උතුරු මැද පළාත, මොණරාගල වැනි දුෂ්කර ප්‍රදේශවලින් මේ ගැබ් ගැනීම් වැඩපුරම වාර්තා වේ.

පසුගිය කාලයේ දී කොටි ත්‍රස්තවාදය නිසා මෙවැනි සිදුවීම් එම ප්‍රදේශවලින් වාර්තා වීම ඉහළ ගිය බවත් වර්තමානයේ දී අන්තර්ජාලය, ජංගම දුරකථන භාවිතා කරමින් අසභ්‍ය දර්ශන නැරඹීම නිසා මෙවැනි අපරාධවලට පුද්ගලයන්ගේ පෙළඹීම වැඩිපුරම වාර්තා වන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.අඩු වයසින් ගැබ් ගන්නා දරුවන්ගේ සිද්ධීන් වැඩිපුරම වාර්තා වන්නේ දුෂ්කර ප්‍රදේශවලින් වන අතර වයස අවුරුදු 13, 14 අඩු වයස් දරුවන් විවිධ ලිංගික අතවරවලට ලක් වීම මේ ප්‍රවණතාවට හේතු වී ඇත.

මෙවැනි ලිංගික අතවරවලට ලක්වන දරුවන්ගේ මවුවරුන් පිටරට රැකියාවලට ගොස් ඇති බවත් පවුලේ සමීපතම ඥාතියකුගෙන් මේ දරුවන් විවිධ අතවරවලට ලක්ව ඇති බවත් වාර්තා වී තිබේ. අඩු වයසින් ගැබ් ගන්නා දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මහජනතාව දැනුවත් කරන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් පවුල් සංවිධාන ක්‍රම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් ජඩෙල් නමැති පවුල් සංවිධාන ක්‍රම මඟින් අඩු වයස් දරුවන්ගේ ගැබ් ගැනීම වැළැක්වීමට කටයුතු යොදා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පවුල් සංවිධාන ක්‍රම ක්‍රියාත්මක කිරීමට පෙර අඩු වයස් දරුවන්ගේ ගැබ් ගැනීම් වැළැක්වීමට වැඩිහිටියන් ඇතුළු දරුවන් දැනුවත් කරන වැඩසටහන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් ක්‍රියාත්මක කර ඇත. අඩු වයසින් ගැබ් ගැනීම නිසා මෙරට මාතෘ මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බවත් මව‍ගේත් දරුවාගේත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා ඔවුන්‍ රෝගවලට ගොදුරු වීම ඉහළ යන බවත් අමාත්‍යාංශය පවසයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment