මීට සති දෙකකට පමණ පෙර චීනයේ Xichang අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් උඩුගුවනය ගිය Yutu හෙවත් Jade Rabbit රෝවරය ඊයේ චීනය සාර්ථකව සඳ මතට ගොඩබස්වනු ලැබුවා.
ඊයේ ලංකාවේ වේලාවෙන් සවස 6.30 ට පමන එය සඳ මත පතිතවීමත් සමඟ ඇමරිකාව හා සෝවියට් රුසියාවෙ පසු සඳ මතට මෙවන් යානයක් ගොඩබැස්වූ තෙවන රට බවට චීනය පත්විය.
චන්ද්‍රාගේ පෘෂ්ඨයෙන් කිලෝමීටර් 15 පමණ ඉහල සිට රොකට්ටුවෙන් මිදී "දේදුණු නිම්නය" ලෙසින් හඳුන්වන Sinus Iridum ආවාටයට ගොඩබෑමට විනාඩි 11ක පමණ කාලයක් ගාතවූ අතර එම කාලය තුලදී එය ගමන්ගන්නා අයුරු ග්‍රැෆික් සටහනක් මඟින් චීන රූපවාහිනී නාලිකා මඟින් විකාශය කෙරුණි.
කිලෝ 1,200ක් බර මෙම රෝවරය ගොඩබැස්වීම සඳහා එය ආවරනය වූ වෙනත් රොකට් ආධාරකයක් යොදාගත් අතර රෝවරය සමඟ එහි බර කිලෝ 3,780ක් විය. එය සූක්ෂම ලෙස ගොඩබෑම සඳහා එයට නිවුටන් 1,500ක සිට 7,500 දක්වා උඩුකුරු තෙරපුමක් සහිත බලයකින් යුත් එන්ජිමක් සවිකර තිබුණි.
එම ආධාරකයේ යට සවිකර ඇති කැමරාවක් මඟින් එය චන්ද්‍රයාගේ ස්පර්ශ මතට ලඟාවන තෙක්ම ජායාරූප සන්නිවේදනය කරන ලදි. ආධාරකය ගොඩබෑමෙන් පසු අකුලා ඇති රෝද දිගහැරී රෝවරය එළියට පැමිණේ. චන්ද්‍රයා මත වායුගෝලයක් නොපවතින නිසා පැරෂුට් යොදාගත නොහැකි නිසා මෙය අසීරු කාර්යයක් වූ බවයි ව්‍යාපෘතිය බාර Wu Weiren පවසන්නේ
රෝවරයට පැයට මීටර දෙසීයක වේගයෙන් ධාවනය කිරීමට හා අංශක 30 ක් දක්වාවූ බෑවුමක ගමන් කිරීමේ හැකියාව ද ඇත.
මෙහි සවිකර ඇති කැමරා මඟින් ලබාගන්නා වීඩියෝ ඒම මොහොතේම (රියල් ටයිම්) පෘතුවියට එවීමට බලාපොරොත්තු වන අතර රෝවරයේ යට සවිකර ඇති රේඩාර් උපකරණ මඟින් අඩි 30ක් පමණ ගඹුරට පස පිළිබඳ තොරතුරු ලබාගැනීමටද නියමිතය.
2025දී චීන ගනගාමියෙකු සඳ මතුපිටට යැවීමටද චීනය බලාපොරොත්තුවේ. මේ පිළිබඳ චීනයේ CCTV රූපවාහිනිය මඟින් විකාශය කළ වීඩියෝ පහතින්.
රෝවරය මඟින් ලබාදුන් සඳ මතුපිටෙහි මුල්ම ජායාරූපය පහතින්.
-සම්බන්ධිත පුවත්-
චීනය සිය ප්‍රථම රෝවරය හඳට යවයි
ඉන්දියාව අඟහරු අල්ලන දවස අදයි
අඟහරු මත ජීවයක් සොයාගැනීමට කියුරියෝසිටි ට බැරිවේ
අඟහරුගේ තිබූ ජලය පිරි විලක් කියුරියෝසිටි සොයාගනී

Put the internet to work for you.
Post a Comment