සියලුම දුරකථන ගාස්තු හෙට සිට 25 දක්වා ඉහළට

සියලුම ජංගම හා ස්ථාවර දුරකථන ඇමතුම් ගාස්තුව හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 25කින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

නව ගාස්තු වැඩිවීම තුළින් රජය රුපියල් මිලියන 400ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.සියලුම දුරකථනවලින් ලබාගන්නා ඇමතුම් (Voice Call) වෙනුවෙන් නව ගාස්තු වැඩිවීම සිදුවන අතර ඒ අනුව ලබාගන්නා සම්පූර්ණ ඇමතුම් කාලය වෙනුවෙන් සියයට 25ක ගාස්තුවක් අයකර ගැනේ.

මෙම නව ගාස්තු වැඩිවීම බලපාන්නේ දුරකථන ඇමතුම් සඳහා පමණක් වන අතර දත්ත (Data) බාගත කිරීම් වෙනුවෙන් දැනට අයකරනු ලබන සියයට 10 ගාස්තුව වෙනසක් නොවන බව ද අනූෂ පැල්පිට මහතා වැඩිදුරටත් පැවසීය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment