දුලීකා මාරපනට මංගල සීනූ Duleeka Marapana

ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන දුලීකා මාරපනව පහුගිය දවස්වල අපිට වැඩිය දකින්න ලැබුනේ නැ.ඒකට එක හේතුවක් තමයි දුලිකාගේ කට හඬ නැතිවුණුඑක.ඒ ගැනත් එක එක්කෙනා එක එක විදිහේ කතා කියනවා.ඊට අමතරව අපිට ඇය ගැන තවත් ආරංචියක් ලැබුනා.ඒකෙ හැටියට මේ වෙනකොට දුලීකා පෙම්වතියක්.ඉතින් මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න අපි අද දුලිකාට කතා කලා.

ප්‍රශ්නය -:

අපි දන්න විදිහට දුලීකා මාරපන කියන්නේ කොයි වෙලෙත් කියව කියව ඉන්න කෙනෙක්නේ.පහුගිය දවස්වල කොහොමද කට වහගෙන හිටියේ?

දුලීකා -:

අමාරුයි අමාරුයි...කොහොමටත් අමාරුයි.මොකද මගේ කට හින්දා තමයි මං මෙච්චර කාලයකුත් හිටියේ.ඉතින් කට මගේ නැතිවෙනවා කියන්නේ ටිකක් අමාරුයි.ඒත් ඉතින් කොහොමහරි උත්සාහ කරලා ඉන්නවා.මොකද අද දවසේ නිහඬ වෙලා හිටියොත් විතරයි මට හෙට කතා කරගන්න පුළුවන් වෙන්නේ.

ප්‍රශ්නය -:

මේ හේතුව නිසා ඔබ දැන් නිර්මාණ භාරගන්නෙත් නැ වගේ?

දුලීකා -:

ඔව් ඇත්තටම මං නිර්මාණ හුඟකින් ඉවත් වුනා.මම දැනට ඉංග්‍රීසි වෙදකම් වලට අමතරව අපේ පාරම්පරික වෙදකමත් කරනවා.ඒකෙන් තමයි මට මේ ගානට හරි කතා කරගන්න පුළුවන් වුනේ.හදිස්සියේ බැරිවෙලා හරි කිඹුහුමක් හරි හයියෙන් ගියොත් ඊටපස්සේ සැහෙන වෙලාවක් කතා කරගන්න බැ.

ප්‍රශ්න -:

සමහරු කියනවා ඔබ රඟපාපු ටෙලි නාට්‍යයකදි ඔබ කියපු මන්තරයක් වැරැදිලා කියපු නිසයි මේ විදිහට ඔබේ හඬ නැතිවුනේ කියලා?

දුලීකා -:

මං ඔය කියන නාට්‍යයේ යන්තර මන්තර ගුරුකම් කරනවනේ.සමහර මන්තර මං ඇත්ත ඒවාමයි කියන්නේ.ඉතින් ඒ මන්තරවල බලපෑමක් තියෙනවද දන්නෙ නැ කියලා සමහරු කියනවා.කියන්න බැ ඉතින්.එහෙම තියෙනවා වෙන්නත් පුළුවන්.කොහොම වුනත් මගේ වෝකල් කෝඩ්ස් වල ගෙඩි 5ක් තියෙනවා.මට බටහිර doctor ලා කියපු කාරනාව තමයි ගෙඩි තිබුනට කට හඬ යන්නේ නැ.සමහරුන්ට ආතතිය වැඩි උනාම කොලේස්ට්‍රරෝල් ,දියවැඩියාව එනවලු.සමහර කොටසකට කට හඬ නැතිවෙන්න තියෙන ප්‍රවණතාව වැඩිලු.ඒකට ඒගොල්ලෝ මට උදාහරණ කිව්වා,සමහර ළමයි පොඩි කාලේදී මොනවා හරි දේකට බයවුනාම,ආතතියක් ඇතිවුනාම ඒ ළමයි ජිවිත කාලෙටම කතා නොකර ඉන්නේ.ඒ වගේ තත්වයකුත් තියෙනවලු.ඉතින් මට ඇතිවෙලා තියෙන දැඩි පීඩනය හේතුවුනාද කියලත් කියනවා.සමහර අය කියනවා ඔය යන්ත්‍ර මන්ත්‍ර ඔහේ කටට ආවට කියන්න හොඳ නැ කියලත්.මාත් ඒක දන්නවා.මං ඒකෙදි මහා බුරුළු දපනය කියපු වෙලාවල් තියෙනවා.ඒක හරියට දන්න කෙනෙක්ගේ මිනී වල උඩින් යකෙක්වත් යන්නේ නෑලු.කොහොමත් ඉතින් මගේ මිනී වල උඩින් යක්කු යන එකක් නම් නැ.ඉතින් ඇත්තටම මං මහා බුරළු දපනය ජප කරලා තියෙනවා.ඒවා සමහර වෙලාවට බන්දන වගේ හිටින වෙලාවලුත් තියෙනවා.ඔය මොකක් හෝ කාරනාවක් උඩ මගේ කට හඬ නැතුව ගියා.නමුත් දැන් ආයේ ටික ටික හරියාගෙන එනවා.ඉතින් ඔය හැම පැත්තකින්ම බලමු.මොනවා හරි වෙයිනේ.

ප්‍රශ්නය -:

ඔය අතරේදී ඔබේ නම මුදල් වංචාවකටත් ගැවුනා ?

දුලීකා -:

මං සාමාන්‍යයෙන් හැමවෙලාවකම විනිවිද භාවයෙන් ඉන්න කෙනෙක්.මගේ ජිවිතේ හංගන්න දේවල් නැ.රජයෙන් මට ශිෂ්‍යත්වයක් ලැබුනා.ඉතින් මං මේ රටින් පිට වෙලා ගියා අධ්‍යාපන කටයුතු වලට.ඔය අතරේදී මගේ අම්ම අසාධ්‍ය ලෙස රෝගාතුරුවුනා.මගේ පවුලේ ඉන්න එකම දරුවා මම.මම ජිවත් වෙන්නේ අම්මා නිසා.අම්ම ජිවත් වෙන්නේ මං නිසා.එතනදී මට මගේ රටට ආපහු එන්න සිද්දවුනා.අපි කියනවනේ මේ රටේ මිනිස්සු වැඩිහිටියන්ට ගරු කරනවා,තමන්ව මේ ලෝකෙට බිහිකරපු දෙමවුපියන්ට පුදුමාකාර විදිහට ආදරේ කරනවා කියලා.ඒත් සමහර වෙලාවට හිතෙනවා ඒවා වචන විතරයි කියලා.මොකද අපේ වේදනාව විතරයි අපිට දැනෙන්නේ.තව කෙනෙක්ගේ වේදනාව දැනෙන්නේ නැ.මේ වෙද්දී අම්මා ඉන්නේ ශරීරයේ අස්ථි බද්ද කරන්න ඕනේ තත්වයක.එයාට ඇවිදින්න කරන්න මොකුත් බැ.මං තමයි එයාගේ එකම රැකවරණය.ඉතින් මට ආත්මාර්ථකාමී වෙන්න බැරිවුනා.අම්මා වෙනුවෙන් මං ලංකාවට ආවා.වර්තමාන තත්වයත් එක්ක මං ඒ පිළිබඳව දැනුම් දීලා තියෙන්නේ අදාල ආයතන වලට.මං ඔවුන්ට කියලා තියෙන්නේ පුළුවන් වෙච්ච වෙලාවක මං රටින් පිට වෙන්නම්,එතකම් මට කාලය දෙන්න කියලා.කවුරු හරි ඇඟේ අමාරු තියෙන මිනිහෙක් මේ ගැන පෙත්සමක් ගහලා තියෙනවා.රජයට පෙත්සමක් ගියාම රජයේ වගකීම ඒක විභාග කිරීම.මං ඒකට කිසි කෙනෙක්ට දොස් කියන්නේ නැ.මං කියන්නේ නැ මං මේ රටින් පිට වෙන්නේ නැ කියලා.ඇත්තටම මං පුළුවන් වෙච්ච ගමන් මගේ විභාගය ඉවර කරනවා.නමුත් දැන් පවතින තත්වය උඩ මට යන්න බැ.හැබැයි රජය කියනවානම් මේ මුදල ගෙවපන් කියලා,මං රජයට අවනතයි.මං පුළුවන් විදිහට,මේ රටේ කලාකාරිනියක් හැටියට උපයන මුදලින් කොටස් වශයෙන් හෝ ඒ මුදල ගෙවලා අවසන් කරනවා.ඔය ශිෂ්‍යත්වය මට විතරක් ලැබුන එකක් නෙමේ.තව කලාකරුවෝ ගොඩකට ලක්ෂ 10 බැගින් ලැබුනා.පිට රටදී ඒ මුදල් සහ මගේ අතේ තිබුන මුදලුත් වියදම් කරලා තමයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ.ලැබුණු ලක්ෂ 10න් විතරක් ඔය කාරනාව කරන්න පුළුවන් කියලා මං හිතන්නේ නැ.ඉතින් ඕක තමා වර්තමාන තත්වය.ඇත්තටම ආත්මාර්ථකාමී වෙලා මට මේ රටින් පිට වෙන්න බැ.

ප්‍රශ්නය -:

අපිට ආරංචියි ඔබ දැන් පෙම්වතියක් කියලා.ඇත්තද ඒ කතාව?ලඟදි විවාහ වෙනවලු නේද?

දුලීකා -:

මට දැන් වයස අවුරුදු 38ක්.එතකොට හතලිහ පන්නන්නේ නැතුව ඒ කටයුතුත් සිද්දවෙයි.

ප්‍රශ්නය -:

ඔහුගෙ නම ගම විස්තර ටිකකුත් කියමුද?

දුලීකා -:

මං හිතනවා විශේෂයෙන් එහෙම නම කියන්න ඕනේ කියලා.මොකද අපේ ඉතින් හායි හූයි ගාලා පටන්ගත්තාම නිකන් සබන් බෝල වගේ බිඳිලා යනවනේ.හැබැයි මේකනම් එහෙම කාරනාවක් නෙමේ.අපේ අම්මට තමයි ලොකුම උවමනාව තිබුනේ මාව විවාහ කරලා දෙන්න.අපේ අම්මා මේ දවස්වල දැඩි ලෙස රෝගී වෙලයි ඉන්නේ.අම්මගේ ජිවිතේ ආස වෙන දෙයක් තව මට කරන්න ඉතුරු වෙලා තියෙනවනම් ඒ මගේ විවාහය.ඉතින් අන්තිමේදී මං හිතුවා අපේ අම්මාගේ ඒ ආසාවත් ඉටු කරන්න ඕනේ කියලා.

ප්‍රශ්නය -:

ඔහුත් කලාවට සම්බන්ද කෙනෙක්ද?

දුලීකා -:

මං ඕකට සරල උත්තරයක් දෙන්නම්.වෙලාවක මං ඒ කෙනත් එක්ක හිරු එකට ගොඩ වෙන්නම්කො.අනිවාර්යයෙන්ම.

ප්‍රශ්නය -:

ඔබ විවාහය ගැන හිතන්න මෙච්චර පරක්කුවුනේ මීට කලින්ප්‍රේමයෙන් පරාජය වෙලා ඒ ලැබුණු අමිහිරි අත්දැකීමක් වත් නිසාද?

දුලීකා -:

ප්‍රේමයක් ඇතිවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.හැම ප්‍රේමයක්ම විවාහයෙන්ම කෙලවර වෙනවා කියලා කොහෙවත් සඳහන් වෙලා නැනේ.අනික කවුරුහරි කියනවනම් ප්‍රේම කරලා නැ කියලා.ඒක බොරුවක්.මටත් ප්‍රේම සම්බන්දතා තිබිලා තියෙනවා.හැබැයි මං බූට් එකක් කැවා ,ඒ හින්දා මං හිටියා කියන ඒකට මං එකඟ නැ.මොකද මගේ ජිවිතේ තීන්දු තීරණ ගන්නේ මම.මොනවිදිහකින් හරි ගෙදරින් මාව බන්ඳලා දෙන්න හැදුවත් මං ඒකට තාම සුදුසු නැත්තන් ඇත්තටම මං ඒකට කිසිසේත්ම එකඟ නැ.ඒක මගේ හැටි.අපේ අම්මා ගොඩක් වයසයි දැන්.එයාගේ හිත හදන්න ඕන කියන තැනට ඇවිල්ල තමයි මං මේ තීරණ ගත්තේ.ඉතින් මට හොඳ යෝජනාවක් ආවා.ඒකට අකමැති වෙන්න හේතු තිබුනේ නැ.ඉතින් මං කැමති උනා.සමහරවිට මේක වෙන්න ඇති මගේ වෙලාව.හැබැයි මං පරක්කුවුනා කියලනම් කිසිම දුකක් නැ.මොකද පරක්කු වෙලා හරි හොඳම දෙයක් ලැබෙනවානම් ටික කාලයක් බලාගෙන හිටියට මොකෝ. 

මේ කතා බහ අතරේදී කිහිප වතාවක් ඇහුවත් දුලීකා තමන්ගේ පෙම්වතා ගැන හරි විස්තරයක් අපිට කිව්වේ නැ.නමුත් හිරු tv copy chat වැඩසටහන් ආරංචි මාර්ග වලට අනුව දුලීකා මාරපනගේ පෙම්වතා රංගන ශිල්පියෙක්.ඔහු කවුද කියලා ළඟදීම හිරු gossip තුලින් අපි ඔබට හෙළි කරනවා.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment