චාල්ස් කුමරු 65 වන ජන්ම දින සැමරුම

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන්ගේ 65 වන ජන්ම දින සැමරුම ඊයේ (14) දිනට යෙදී තිබිණ. බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුගේ ඉන්දීය සංචාරයේ අවසන් දිනය සමඟ ඊයේට යෙදී තිබුණු ඔහුගේ 65වන උපන්දිනය සමඟ නිල වශයෙන් විශ්‍රාමිකයකු බවට පත්වන බව ප්‍රකාශ වි ඇත. 

අද ආරම්භවන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා, සිය උපන් දිනය සමරන ඊයේ දිනයේ ඔහු මෙරටට පැමිණීම විශේෂත්වයකි. ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදි උත්සවයක් පැවැත්විය. 

චාල්ස් කුමරුගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ද උපන් දින සාදයක් සංවිධානය කර තිබිණ. මහාචාර්ය ජී.එල්.පීරිස්, බැසිල් රාජපක්ෂ ඇමැතිවරුන් ද ශිරන්ති රාජපක්ෂ ආර්යාව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ මහත්වරු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. 


චාර්ල්ස් ෆිලිප් ආතර් ජෝර්ජ් හෙවත් චාර්ල්ස් කුමරු 1948 වසරේ නොවැම්බර් 14 වන දා උපත ලැබී ය. ඔහු 1952 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු පදවියට පත් වූ අතර එරට ඔටුන්න හිමි කුමරු ලෙස වැඩි ම කාලයක් ගත කළ පුද්ගලයා ලෙස සැලකේ. 

ඔහු ඩයනා ස්පෙන්සර් සමග විවාහ වූයේ, 1981 වසරේ ජූලි මස 29 වන දා ය. ඩයනා කුමරියගේ අභාවයෙන් පසුව ඔහු 2005 වසරේ පෙබරවාරි 10 වන දා කැමිලා පාකර් සමග එක් විය.






IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment