සිරිකොත අසල උණුසුම් තත්ත්වයක් උද්ගත වේ

එක්සත් ජාතික පක්‍ෂය රටට සතුරුකම් කරන බවටත් ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයට ගෙන්වා ගන්නා බවටත් චෝදනා කරමින් මේ වන විට එජාප සිරිකොත මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වේ. 

මේ හේතුවෙන් මූලස්ථානය ඇතුළත සිටින කිසිවෙකුටත් ඉන් පිටවිය නොහැකි තත්වයක් ඇති වී තිබෙන අතර සිරිකොත ඉදිරිපිටට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබේ. එහිදි සිරිකොත පක්ෂ මුලස්ථානයේ සිටි පිරිස සහ උද්ඝෝෂකයින් අතර ගැටුමක් හට ගෙන ඇත. 

මෙසේ එජාපයට විරුද්ධව විරෝධතා පවත්වන්නේ බොදු බල සේනා සංවිධානයේ පිරිසක් යයිද පැවසේ. මේ වන විට එජාප මූලස්ථානය තුල එක්සත් නායකත්ව මණ්ඩලයේ පළමු සැසිවාරය ආරම්භ වී තිබේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment