එල්ටීටීඊ මියගිය ත්‍රස්තයන් සැමරීමේ උළෙලක් ලන්ඩනයේ

බ්‍රිතාන්‍ය තුල ලොව බලගතුම ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ නායකයා ඇතුළු මියගිය ත්‍රස්තයන් සැමරීමේ උළෙලක් ලන්ඩන් නුවරදී පසුගියදා පවත්වා තිබේ.

කොටි ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයදා ඊනියා මහවිරු දිනය නමින් නම් කල දිනයේ මේ ත්‍රස්තවාදීන් සැමරුම සිදු කර තිබේ.මෙම කොටි ත්‍රස්ත සැමරුම ලන්ඩනයේ එක්සෙල් ශාලාවේදී පවත්වා තිබේ. 

ලන්ඩනය තුල වෙසෙන විසිරුණු දෙමළ ජනතාවගෙන් කොටසක් මේ සඳහා මූලිකත්වය ගෙන තිබිණ.එල්ටීටී ඊ ලාංචනය මෙන්ම ශ්‍රී ලංකාවේ භූමියෙන් 1/3 ක් සහ මුහුදු සීමාවෙන් 2/3ක් ඇතුලත් කර කොටි සංවිධානය විසින් දෙමළ ඊළම නමින් නිර්මාණය කර තිබූ ශ්‍රී ලංකාවේ සිතියමක විශාල අනුරුවක්ද මියගිය ත්‍රස්තවාදී නායකයන්ගේ චායාරූපද මෙහිදී ප්‍රදර්ශනය කර තිබිණ. 

දෙමළ ඊළමක් දිනාගන්නේ කෙසේද යන්න සහ ඒ සඳහා ජාත්‍යන්තර සහය ලබාගන්නා ආකාරය මෙන්ම ඉදිරි ජිනීවා මානව හිමිකම් සමුළුව හරහා ශ්‍රී ලංකා රජය අසූරුතාවයට පත් කරන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්චා වූ බව දෙමළ මාධ්‍ය වාර්ථා කරයි. බ්‍රිතාන්‍ය තුල එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස ලයිතුගත කර ඇති නමුත් එල්ටිටීඊ ක්‍රියාකාරකම් සඳහා මෙලෙස ඉඩ ලැබෙන්නේ කෙසේ දැයි එරට සිටින ශ්‍රී ලාංකිකයෝ විමතිය පල කරති.

එල්ටීටීඊය අරභයා බ්‍රිතාන්‍යයේ දෙබිඩි හැසිරීමක් පෙන්නුවත් මෙලෙසම තහනම් ත්‍රස්ත සංවිධානයක් වන තලේබාන් සංවිධානයට අදාල කිසිඳු ක්‍රියාකාරකමකට ලන්ඩන් වල ඉඩ දෙන්නේද යන්න ඔවුහු ප්‍රශ්න කරති.බ්‍රිතාන්‍ය තුල තහනම් වුවත් එල්ටීටීඊ න්‍යායාචාර්‍යවරයා වූ බාලසිංහම්ගේ බිරිඳ ඇඩෙලාද ජීවත්වන්නේ එරට තුලයි.බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේද ඔහුගේ හැසිරීම තුළින් දෙමළ බෙදුම්වාදය වෙතට ඇති නැමියාව හොඳින් ප්‍රදර්ශනය විය. 

යටියන ප්‍රදීප් කුමාර

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment