මුරලි සමග ක්‍රිකට් ගෑසු කැමරන් අවශ්‍ය දෙයක් වෙතොත් කියන්න - ඩේවිඩ් කැමරන්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රි ලංකාවෙන් බිහිවූ සිපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සමග අද (16) පෙරවරුවේදී කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් ක්‍රීඩාකර තිබේ. 

සී.සී.සී. ක්‍රීඩාංගනයේ ක්‍රීඩකයන්ගේ සැරසීමේ කාමරයෙන් ක්‍රීඩා ඇදුම් ලා ගත් කැමරන් මහතා එහි පිට්ටනියට ගොස් මුරලිගේ පන්දුවලට මුහුණදෙමින් පිත්ත හසුරවා ඇත. පසුව මුරලි සමග සුහද කතාබහකට එක් වූ ඔහු මුරලිගෙන් අවශ්‍ය දෙයක් වෙතොත් කියන්නැයි කියා තිබේ. 

මුරලි පෙරලා ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ කලක සිටු සිංහල හා දෙමළ ජනයා සාමකාමීව සිටි බවත්, යුද්ධය හේතුවෙන් ඊට යම් පලුද්දක් ඇතිවුද ඉන් පසුව තමා ජනපතිවරයා හමුවූ වස්ථාවලදී ඉල්ලා සිටියේ උතුරු නැගෙනහිර ජනයාට මෙන්ම වතකරයේ දෙමළ ජනයාටද නැගී සිටීමට උදව්කරන මෙන් යැයි ඔහු පවසා ඇත. 

බොහෝ විට එවැනි අවස්ථාවලදී ජනපතිවරයාගේ ප්‍රතිචාරයවූයේ එම ප්‍ර දේශවල ආයෝජනය කරන ලෙස ඉල්ලීම යැයිද කී ඔහු හැකි නම් ශ්‍රී ලංකාවට සංවර්ධනයේ මාවත හෙළි පෙහෙළිකර ගන්නට එම ප්‍ර දේශයන්හි ආයෝජනය කරන්නැයි ඉල්ලීමක් කර ඇති බවද 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment